පසුගිය වර්ෂයේදී සිදු කරන ලද ජන හා සංඛ්‍යාලේඛන සංගණනයේදී ඉන්දියන් ද්‍රවිඩ නැතහොත් බලයගම් ද්‍රවිඩ ජනගහනය විශාල ලෙස අඩු වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රමේෂ් රාමසාමි මහතා පවසනවා.
හැටන්, සී.එස්.සී. ආයතනයේදී ඊයේ(23) පැවැති හමුවකදී මේ බව පැවසූ රමේෂ් රාමසාමි මහතා එහිදී වැඩිදුරටත් මෙලෙස කියා සිටියා සිටියා.
වර්ෂ 2024දී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ජන සංගණනයක් පැවැත්තුවා.
එම සංගණන වාර්තා දෙස බලන විට ඉන්දියන් ද්‍රවිඩ නැතහොත් මලයගම් ද්‍රවිඩ ජනගහනය විශාල ලෙස අඩුවෙලා තියෙනවා.
වර්ෂ 2012දී නිකුත් කරපු වාර්තා හා 2024 වර්ෂයේ නිකුත් කරපු වාර්තා සංසන්ධනය කර බලන විට මෙම වසර 12 තුළදී ඉන්දියන් ද්‍රවිඩ ජනගහනය ලක්ෂ තුන හමාරකින් පමණ අඩුවෙලා තියෙ බව පෙනෙනවා.
මෙම තත්ත්වය පිළබිඳව සාකච්ඡා කරන විට මෙම සංගණනයේ හුඟක් අඩුපාඩු වැරදි තියෙන බවත් පේනවා.
මෙම සංගණනයේදී වත්තේ ඇතුලේ ජීවත් වන හුඟක් අය ඇතුල් කරලා නැහැ.
එමෙන්ම ලක්ෂයක් පමණ ගම්පහ, කොළඹ වැනි ප්‍රදේශවල ජීවත් වෙනවා. එම පිරිස මෙයට ඇතුල් වෙලා නැහැ.
එමෙන්ම වත්තෙන් පිට ඉන්න මෙන්ම වත්ත ඇතුලේ ජීවත් වන අය පිළිබඳව සංගණනයට නිලධාරීන් යන විට එම නිවාස වසා තිබීම මත එම අය ඇතුලත් වෙලාත් නැහැ.
ඉන්දියන් ද්‍රවිඩ නැතිනම් මලයගම් ද්‍රවිඩ අය අඩුවුණාත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ පිරිස් වැඩිවෙලා තියෙනවා.
ඒ කොහොමද වැඩි වුණේ… විශේෂයෙන් නුවරඑළිය, බදුල්ල, මහනුවර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල ශ්‍රී ලාංකික ද්‍රවිඩ අය වැඩි වුනේ කොහොමද?
එය වෙලා තියෙන්නේ සංගණනයට එක්වුණ සමහර අය ඔවුන්ගේ ඕනකමට ඉන්දීය ද්‍රවිඩ අයත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ කියලා සටහන් කරලා තියෙනවා, එම නිවසියන්ගෙන් ඉන්දීය ද්‍රවිඩ ශ්‍රී ලාංකික ද්‍රවිඩ කියලා අහන්නේ නැතිව.
අපි කරන වැඩසටහන්වලදී තවත් දෙයක් හෙළිවුණා.
හැටන් ෂැනන් වත්තේ එක ඩිවිසන් එකක පවුල් 115ක් සම්පූර්ණයෙන්ම අයින් කරලා.
ඒ ගෙවල්වලට ගිහිල්ලත් නැහැ. ලාංඡන අලවලත් නැහැ. එම තත්ත්වය මත අපි උපකල්පනය කරනවා මෙවැනි ක්‍රියාවන් අනිකුත් වතුවලත් සිදුවෙලා ඇති කියලා.













