Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
    • කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට
    • ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
    • මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
    • සුනඛයින් ලියාපදිංචිය සඳහා නව පනත් කෙටුම්පතක්
    • මුහුදු රළ ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිරිමාවෝ වර්ණ ප්‍රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්

    සිරිමාවෝ වර්ණ ප්‍රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්

    2025-12-21කියවීමට මිනිත්තු 4ක් ගතවේ.28,145 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම වනිත්මා සිනෙලි නමැති ආදි ශිෂ්‍යාව සිය සම්මානය ලබාගැනීමට පෙර සභාවේදී ප්‍රකාශයක් සිදු කිරීම මේ වෙන විට සමාජ මාධ්‍ය කළඹන් තිබෙනවා.

    එහිදී අදාළ ශිෂ්‍යාව පවසන්නේ පෙර දිනයේ පැවැති පෙරහුරුවක් සඳහා සහභාගිවීමට නොහැකිවීම නිසා ඇයට හිමි වර්ණ වෙනත් අයෙකු වෙත ප්‍රධානය කර ඇති බවයි.

    එම වීඩියෝව පහතින් නරඹන්න.

    මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාසල විසින් සිය ෆේස්බුක් පිටුවට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
    එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

     

    *අවශ්‍ය* *අයගේ* *දැනගැනීම* *පිණිසයි!*
    *සිරිමාවෝ* *වර්ණ* *ප්‍රධාන උළෙල* *23*/24*
    අඩසිය වසක ඉතිහාසයක් ඇති සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය තුළ ක්‍රීඩා විෂය සමගාමී හා අධ්‍යාපන යන ත්‍රක්ෂේත්‍ර තුළින් ජාතික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගත් ශිෂ්‍යාවන් විශාල පිරිසක් මේ වන විට බිහිවී ඇත.
    ඒ අතරින් 2023 සහ 2024 වර්ෂයන්වල ක්‍රීඩා අංශයෙන් දක්ෂතා දැක්වූ සිරිමාවියන් වෙත වර්ණ ප්‍රධානය කිරීම *2025/12/19* වන දින සිදුවිය. මෙම *වර්ණ* *ප්‍රධානෝත්සවය* වත්මන් විදුහල්පතිනිය ආචාර්ය සුමේධා ජයවීර මැතිණියගේ මූලිකත්වයෙන් වසර 7 කට පසු සංවිධානය වූ බැවින් අප පාසල තුළ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නක් විය. මෙම උත්සවයේ තම පාසල් ජීවිතය තුළ ක්‍රීඩිකාවකට එක් වරක් පමණක් හිමිවන ” *විශිෂ්ටතම* *ක්‍රීඩිකාව* ” ( *The* *Most* *Outstanding* *Sports* *Women* ” )යන ශීර්ෂය යටතේ සම්මානයක් ප්‍රදානය විය. එම සම්මානය අර්ථ දැක්වීමට සහ එය ලබා ගැනීමට තිබිය යුතු සුදුසුකම් හා නිර්ණායක පාසල විසින් තීරණය කර අදාළ ක්‍රීඩිකාවන්ට කල්වේලා ඇතිව අයදුම් කිරීමට පෙර දැනුවත් කර ඇත. එම නිර්ණායක නම්,
    1. සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක් තනි ඉසව්වකින් ලබා තිබීම සහ
    2. සමස්ත ලංකා වාර්තාවක් තබා තිබීම සහ
    3. ලංකාවේ විශාල පාසල් සංඛ්‍යාවක් එම ක්‍රීඩාව සඳහා සහභාගී වීම සහ
    4. සමස්ත ලංකා වාර්තාවක් සමඟ ප්‍රථම හෝ දෙවන ස්ථාන ලබා තිබීම සහ
    5. ජාත්‍යන්තර තරගයකින් පිළිගත හැකි ස්ථානයක් ලබා තිබීම.
    මෙම වර්ණ ප්‍රධානයන්ගේ මූලික පරමාර්ථය වන්නේ හුදු පදක්කම් පැළඳවීමක්ම නොවන අතර ක්‍රීඩිකාවන් තුළින් දරුවන් ලබන ජය පරාජය ඉවසා ගැනීමට හුරු කිරීමයි. අන් අයගේ ජයග්‍රහණ ඉදිරියේ සතුටු වී සුභපැතීමට හැකියාව ලැබීම, හික්මීම ප්‍රගුණ කිරීම හා පාසලේ කීර්තිනාමය වඩා වර්ධනය කිරීමද ඇතුළත් වේ.
    යම් ක්‍රීඩිකාවකට තමාට හිමි සම්මානය හෝ වර්ණ ප්‍රධාන නිර්දේශය සම්බන්ධව යම් ගැටළුවක් ඇති විනි නම් ඒ පිළිබඳ අභියාචනාවක් ඉදිරිපත් කිරීම හෝ ක්‍රීඩා මහත්මීන් හමුවී සාකච්ඡා කිරීම හෝ ගරු විදුහල්පතිනිය වෙත කරුණු දැක්වීමට සාධාරණ අවස්ථාවක් මෙහිදී ලබා දී තිබූ අතර කිසිදු ක්‍රීඩිකාවක් විසින් නිර්දේශ සම්බන්ධව කිසිදු ගැටළුවක් යොමු කර නොතිබුණි.
    තවද උත්සවයට පෙර සියලුම වර්ණ හා සම්මානලාභී දියණියන්ගේ දෙමව්පියන් වෙනුවෙන් මෙම උත්සවයේ කටයුතු කෙරෙන ආකාරය පිළිබඳවත්, වර්ණ ප්‍රධානය සිදුකළ නිර්ණායක පිළිබඳවත් දීර්ඝ පැහැදිලි කිරීමක් ගරු විදුහල්පතිනිය විසින් සිදු කරන ලදී. එම අවස්ථාවේද කිසිදු දියණියක් හෝ දෙමාපියෙක් කිසිදු ගැටළුවක් ඉදිරිපත් කර නොමැත.
    කරුණු මෙසේ තිබියදී විශේෂ සම්මානය හිමි වූ ස්කොෂ් ක්‍රීඩිකාව ( *මේ* *වන* *විට* *ඇය* *ආදි* *ශිෂ්‍යාවකි* ) විසින් උත්සව අවස්ථාවේ සජීවීව යම් ගැටලුකාරී පරිසරයක් නිර්මාණය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය.මෙසේ ප්‍රසිද්ධ වේදිකාවක යම් ක්‍රීඩිකාවක් තමාට පෞද්ගලික වන ගැටලුවක් එකවර උත්සව සභාවට ඉදිරිපත් කර සිටීම මගින් පාසලේ කීර්ති නාමයට ඉමහත් හානියක් සිදුවූ අතර මෙවැනි වැදගත් උත්සවයක් සංවිධානය කර ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වන විනය හා පාසලේ කීර්තිය ඔපනන්වීම යන කරුණු ඉටු කර ගැනීම අපහසුය. එසේම මෙමගින් ඉදිරි පරම්පරාවට ගම්‍ය වන්නේ වැරදි ආදර්ශයක් බැවින් එම ක්‍රියාව පාසලේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කරන සමස්ථ පාසල් ප්‍රජාව වශයෙන් , අප සියලු දෙනා තරයේ හෙලා දකිමු. තවද ඉදිරියේදී පාසැල් දියණියක් විසින් මෙවැනි ශික්ෂණයකින් තොරව කටයුතු කරයි නම් ඒ පිළිබඳව කරුණු සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද පාසල් ප්‍රජාව ලෙස අප ඉල්ලා සිටිමු. ” *විශිෂ්ටතම* *ක්‍රීඩිකාව* ” ( *The* *Most* *Outstanding* *Sports* *Woman* ) සම්මානය ජයග්‍රහණය කෙරූ අති දක්ෂ පිහිනුම් ශූරියක් වන *නභාෂි* *පෙරේරා* සිරිමා දියණිය ලැබූ දෙස් විදෙස් තරග ජයග්‍රහණ පිළිබඳ විස්තර මේ සමග ඉහතින් දක්වා ඇත.
    *උක්ත* *ස්කොෂ්* *ක්‍රීඩිකාවට* *එම* *සම්මානය* *නොලැබුනේ* *ඇය* *එම* *සම්මානයට* *සුදුසුකම්* *නොලැබුන* *නිසා මිස ඇය* *පෙරහුරුවට* *නොපැමිණි* *නිසා* *නොවේ.ඇය පෙරහුරුවට නොපැමිණියද* *ඇයට* *ලැබිය* *යුතු* *වර්ණ* *සහ* *විශේෂ* *සම්මානයක්* *ද* *ලබා* දී *ඇත* .
    ස්තුතියි.
    *සිරිමාවෝ* *බණ්ඩාරනායක* *විද්‍යාලයීය*සමස්ත *පාසල්* *ප්‍රජාව* .
    🛑🛑🛑🛑🛑🛑🛑🛑
    s
    පෙර පුව​තනීති විරෝධී දුම්වැටි 4200ක් සමග තරුණයෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ආපදා හානි සෙවීමට කමිටුවක්

    සබැ​ඳි පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group