ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් අඩු වුවද එය බස්ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඔහු කියා සිටියේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය එළැඹෙන ජුලි මාසයේදී සිදු කිරීමට නියමිතව ඇති බවයි.
මේ අතර, පෙට්‍රල් මිල අඩු වුවද ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි සමස්ත ලංකා ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ