මාර්තු මස පස්වැනිදා දිවයිනේ සියලු රෝහල්වල වැඩ වර්ජනයක් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ, 2025 වසරේ අයවැය හරහා කප්පාදු කර ඇති දීමනා නැවත ලබා දෙන ලෙසට ඉල්ලමින්.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා පමණක් එදින පවත්වාගෙන යන බවයි, එම සංගමය ප්‍රකාශ කළේ.
ආදළ දීමනා නැවත ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මාර්තු මස 05 වැනිදා අලුයම දක්වා කාලය ලබා දෙන බව ද එම සංගමය අවධාරණය කර සිටියා.