මන්නාරම දිස්ත්‍රික්කය තුළ ඊයේ සිට සතියක කාලයක් ගව මස්, එළු මස්, ඌරු මස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම, සහ මස් පිණිස සතුන් ඝාතනය කිරීම තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා .
ආපදාවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ගවයන් ඇතුළු ගොවිපළ සතුන් විශාල වශයෙන් මියගිය අතර එම සතුන්ගේ මස් මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය සතුන්ගේ මළ සිරුරු මිනිස් පරිභෝජනය සඳහා විකිණීම හා ප්‍රවාහනය කිරීම සිදු වන්නේ දැයි දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවධානයෙන් සිටින බවද වාර්තා වනවා .













