එකිනෙකාට පහරදීම් සිදු කර ගත් බව කියන රජයේ රෝහලක හෙදියක් සය ඇයගේ පෙම්වතා බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් වැල්ලවත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොස්තාපල් පෙම්වතා තමාට පහරදුන් බවට හෙදිය වැල්ලවත්ත පොලිසියේ ළමා හාකාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර තිබෙනවා.
ඒ අනුව පැමිණිල්ල විභාග කිරීම සඳහා හෙදිය සහ ඇයගේ පෙම්වතා බව කියන කොස්තාපල්වරයා ද ඊයේ වැල්ලවත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කැඳවා තිබෙනවා.
පමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ පෙම්වතිය බව කියන හෙදිය ද තමාට පහර දුන් බවට පොලිස් කොස්තාපල්වරයා ප්‍රකාශ කර සිටි බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
පෙම්වතියට පහර දුන්නේ යැයි කියන සිද්ධියට අදාළව කොස්තාපල්වරයා ද කොස්තාපල්වරයාට පහර දුන්නේ යැයි කියන හෙද පෙම්වතියද අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.
වැල්ලවත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.