ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් පෙරළි ගොස් තිබෙනවා. එම මගී නෞකාව ගිලී යාමෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 38 දෙනෙකු අතුරුදහන්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර තවත් පුද්ගලයින් 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බවද වාර්තා වනවා. නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ දිනයේදී බාලි දුපත බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් තිබෙනවා. මේ අනුව ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසුව මෙම නෞකාව පෙරළි ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්













