ඊයේ මෙම අනතුරු සිදුව තිබුණේ හොරණ, පින්නවල, තිරුක්කෝවිල්, කටුවන සහ මධ්‍යම කඳවුර යන පොලිස් වසම්වලදීයී.
හොරණ – මහරගම මාර්ගයේ කනන්විල ප්‍රදේශයේදී තුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළීගොස් විරුද්ධ දිසාවෙන් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබුණා.
එම අනතුරින් පැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, 24 හැවිරිදි තරුණයෙක් සහ 21 හැවිරිදි තරුණියක්
මේ අතර හැටන් – බලංගොඩ මාර්ගයේ කිලෝමීටර් 08 කණුව අසලදී බලංගොඩ දෙස සිට පින්නවල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළීගොස් විරුද්ධ දිසාවෙන් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් පැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකාරිය මිය ගොස් තිබෙනවා.