කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් .
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, ජාතික කාන්තා කමිටුව, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතනවලින් 2025 අයවැය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබුණා.
තවද ඒ යටතේම ක්‍රියාත්මක වන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේද ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී වැඩි දුර අවධානය යොමු කර ඇති බවයි වාර්තා වුනේ.
ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර ඇත්තේ මෙම අයවැය ප්‍රතිපාදන නියමිත මුල්‍ය වර්ෂය තුළදීම අදාළ ව්‍යාපෘතිවලට නිසි ලෙස යොදවමින් එහි ප්‍රතිලාභ ජනතාවට අත්කර දිය යුතු බවයි.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ කාර්යභාරය අවධාරණය කරමින් එහි ඉදිරි සැලසුම් පිළිබඳවද ජනාධිපතිවරයා විමසා තිබෙනවා.
ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම ඉලක්ක කර ගත් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් සකස් කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි වාර්තා වුනේ.
කාන්තා සහ ළමා කටයුතු, ධීවර, කෘෂිකර්ම, කර්මාන්ත ඇතුළු සියලු අමාත්‍යාංශවල අරමුණ විය යුත්තේ ග්‍රාමීය ජනතාව දිළිඳුභාවයෙන් මුදා ගැනීම බවද ජනාදිපති වරයා වැඩි දුරටත් අවධාරණය කර තිබෙනවා .
මේ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ පමණක් නොව රාජ්‍ය නොවන සංවිධානද ඒකාබද්ධ කිරීම අවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බවයි වාර්තා වුනේ.
පාසල් අධ්‍යාපනය නිම කරන තෙක්, එකදු දරුවෙකු හෝ අධ්‍යාපනයෙන් පිටමං නොවීමට වග බලා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.