පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊයේ පස්වරු 5.00 සිට මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.
ඒ අනුව අනතුරු ඇඟවීම් මට්ටම 1 ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව , ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර යන ප්‍රදේශ සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.
එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රඹුක්කන කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ අලව්ව මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල සහ අඹන්ගඟ කෝරළය , මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම යන ප්‍රදේශවලට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ
උණුසුම් පුවත්
- පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට ප්රහාරයක්
- සංක්රමණික සේවකයින් සඳහා අඩු වියදම් ගුවන් ටිකට්පත්
- රේගුවෙන් වාර්තාගත ආදායමක්
- අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 102 ක්උපයාගෙන අවසන්
- මාතෘ රෝහලක පළමු අධිසත්කාර ඒකකය සොයිසා කාන්තා රෝහලේ දී
- දැව කඳට යටවී වෙච්චි දෙයක්
- ප්‍රදේශ දෙකකින් මෘත දේහ දෙකක් සොයා ගැනේ
- ජනාධිපති බණ්ඩාරවෙලදි දුන්නේ නිකන්ම නිකන් ලියුමක් විතරයි