ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා.
ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ගෝලීය සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මෙම දිනය ප්‍රකාශයකට පත් කරනු ලැබුවා.
සාමුහිකත්වය තුළින් පමණක් අපට ලෝකය සුරක්ෂිත කරගත හැකියි යන්න මෙවර ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනයේ තේමාවයි.
2030 වන විට ලෝකයේ ජීවත්වන මිලියන 37.6 ක ජනතාවක් අන්ත දරිද්‍රතාවයට පත්වන බව ආපදා අවදානම් කළමනාකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාල පවසනවා.
දේශගුණික විපර්යාස සහ ව්‍යසනවල බලපෑම් හේතුවෙන් මෙම තත්ත්වය උදාවන බවයි ඔවුන් සදහන් කළේ.
වසර 2030 වන විට වසරකට ආපදා 560 කට පමණ ලෝකයේ රටවල් මුහුණ දෙනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.