සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුව සදහන් කලේ බස්නාහිර සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි
එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝ මීටර 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
මේ අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දී තිබෙනවා.
අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 65 දක්වා ඉහළ යා හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ
එමෙන්ම, මෙම මුහුදු ප්‍රදේශවල රළ මීටර 2.5 ත් 3 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාව පවතිනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.