ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිසියට නියෝග කර තිබෙනවා.
ඒ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන ජගත් සමන්ත මහතාගේ නිවසට හානි කිරීමක් සම්බන්ධයෙන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව ඊයේ(24) කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණයට නොපැමිණීම හේතුවෙන්.
පාර්ලිමේන්තු සැසි වාරයට ඊයේ(24) දිනයේ සහභාගි වූ බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ.
ඒ සම්බන්ධයෙන් තම නීතිඥයා ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙනු ඇති බවද ඔහු කියා සිටියා.