ICC පිරිමි විස්සයි විස්ස ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(14) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අයර්ලන්තය සහ ඕමානය අතර, එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර සහ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරග තුනයි.
මෙහිදී තරගාවලියේ 22 වන තරගය ලෙසින් B කාණ්ඩය යටතේ තරග වදින අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඕමාන් ක්‍රිකට් කණ්ඩායම අතර තරගය ශ්‍රී ලංකා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පෙරවරු 11ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
C කාණ්ඩය යටතේ තරද වදින එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගය පැවැත්වෙන්නේ තරගාවලියේ 23 වන තරගය ලෙසින්.
තරගය ඉන්දියාවේ ඊඩෙන් ගාඩන්ස් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් අද(14) පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.
නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ අහ්මදාබාද්හිදීයි.
එම තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන අතර එය තරගාවලියේ 24 වන තරගයි.














