ටී 56 ගිනි වියක් සහ පතොරොම් තොගයක් රාගම පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ රාගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රාගම, පහළවත්ත ප්‍රදේශයේ පාලු ස්ථානයක නවතා තිබී කාර් රථයක් පරීක්ෂා කිරීමේදී කාර් රථය තුළ තිබී ටී 56 ගිනි වර්ගයේ ගිනි අවියක් සහ එම පතොරොම් සහිත ගැබ් දෙකක් සොයා ගැනුණු බවයි.
මෙම අවිය හා පතොරොම් සමග කාර් රථය මෙම ස්ථානයේ අතහැර දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රාගම පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.













