බෙන්තොට, බොල්ගොඩ ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි විදේශ ජාතික කාන්තාවක් දියේ ගිලි මියගොස් තිබෙනවා.
ඊයේ දහවල් කාලයේදී එම කාන්තාව මුහුදේ දිය නාමින් සිටියදී රළ පහරට හසු ව ගසාගෙන ගොස් දියේ ගිලී ඇති බව පොලීසිය පවසනවා.
අවට සිටි පිරිස් විසින් අනතුරට පත් කාන්තාව ගොඩට ගෙන බෙන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මිය ගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 25ක් වන ජෝර්දාන් ජාතික කාන්තාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.