
වත්තල ගාල හන්දිය ප්‍රදේශයේදී ජීව පතරොම් සහිත පාර්සලයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම පාර්සලය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම පාර්සලයේ තිබී ටී56 ජීව පතරොම් 04 ක්, රිවොල්වර වර්ගයේ ජීව පතරොම් 04 ක්, පිස්තෝල වර්ගයේ ජීව පතරොම් 02 ක් හා විවිධ වර්ගයේ සිම්පත් 11 ක් සොයාගෙන තිබෙනවා.














