නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1273කට අධික තොගයක් හලාවත මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව හලාවත ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පසුගිය 15 වනදා සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා.
එහිදී නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1273කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමග සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරට ගෙන තිබෙනවා.
අදාළ සෝදිසි මෙහෙයුමේදී පරීක්ෂාවට ලක් කළ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී එම යාත්‍රාව තුළ උර 34ක අසුරා තිබූ බීඩි කොළ කිලෝ 1273ක් සමග සැකකරුවන් දෙදෙනා සමග ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එලෙස නාවික හමුදා භාරයට ගැනුණු බීඩි කොළ තොගය, සැකකරුවන් සහ ඩිංගි යාත්‍රාව ඉිදරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරායේ පිහිටි රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමටද නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.














