පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙක් යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ යාපනය නගරයේ පිහිටි තරු පන්තියේ හෝටලයක් ඉදිරිපිටදීයි.
අදාළ තරුණයා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පළඳින කලිසමට සමාන ඇඳුමක් ඇඳ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් විශේෂ කාර්ය බලකා යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ(16) අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු තරුණයා ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවද වාර්තා වනවා.













