
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් අමෙරිකානු නාවික හමුදාවට අයත් යුද නැව් දෙකක් ඉලක්ක කරගනිමින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයට වහාම ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු මධ්‍යම බලකායේ හමුදාවන් විසින් ඉරානයට අයත් තෙල් ප්‍රවාහන නැව්තුනක් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඇමෙරිකානු හමුදා නිලධාරීන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව අමෙරිකානු යුද නිලධාරීන් තහවුරු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන් වන්නේ.














