ශ්‍රී ලංකාවේ අපේකම අපේ අනන්‍යතාව , අපේ රසය ජපානය පුරා බෙදාහරිනු ලබන Sri Lanka Festival in Tokyo 2025 උළෙල ජපානයේ Yoyogi park හීදී ඊයේ හා අද එනම් අගෝස්තු 02 හා 03 යන දෙදින පුරා පැවැත් වෙනවා.
වසර ගණනාවක් පුරා නොකඩාවා පවත්වනු ලැබු මෙම උත්සවය මෙවර පැවැත්වෙන්නේ 17 වෙනි වතාවටයි.
ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් එක්ව මෙම උළෙල පවත්වනවා
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා ජපන් ව්‍යාපාරික සංගමය හා වාහන අපනයන කරුවන්ගේ සංගමය එක්ව සංවිධාන කරනු ලබන මෙම උළෙල සඳහා ජපානයේ මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස ස්වාමීන්වහන්සේ ඇතුලු ස්වාමීන් වහන්සේලා රැසක් එකව සිටිනවා.
මීට අමතරව ජපන් ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනත් කුමාරසිංහ මහතා සහ ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා ඇතුළු ව්‍යාපාරිකයන් රැසක් ද මේ සදහා එකව සිටින බව වාර්තා වුණා.
ජපන් පාර්ලිමේන්තු අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට සම්බන්ධව මෙරට සංස්කෘතික අංග දැක බලාගැනීමට එක්ව සිටියා.