නිවසේ පොල් පරිභෝජනයේදී පොල් අපතේ හරින බවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.
මේ අනුව ඉදිරි මාස කිහිපය ඇතුළතදී පොල් ගෙඩි මිලියන 200 ක් ආනයනය කිරීමට ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය අවසර ඉල්ලීම සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කර තිබුණා.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා කියා සිටියේ පොල් ඉඩම් කට්ටි කර විකිණීම පිළිබද දැඩිව සීමා පනවන බවයි.