බංග්ලාදේශය තුළ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට පැමිණිමට නියමිතව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
එරට උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේයි මෙම සිසුන් පිරිස දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇත්තේ.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල 03ක ශ්‍රී ලාංකික සිසුන් 50ක් පමණ අධ්‍යාපනය ලබන බවයි.
එමෙන්ම ශ්‍රී ලාංකිකයින් තුන්දහසකට ආසන්න ශ්‍රමිකයින් පිරිසක් ද බංග්ලාදේශය තුළ රැකියාවල නිරතව සිටිනවා.