රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල මහල් නිවාස සංකීර්ණයක අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
එම නිවාස සංකීර්ණයේ දෙවැනි මහලේ මෙම ගින්න හටගෙන ඇති බව දෙහිවල ගිනි නිවීමේ ඒකකය පවසනවා.
එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ දෙහිවල ගිනිනිවීමේ ඒකකයේ රථ දෙකක් යොමු කරමින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි.