
පයාගල, නයිමුල්ල පඹය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ”පානදුර නිලංග” නැමැත්තාගේ මස්සිනා වන ”ඩිලා” නමැති පුද්ගලයායි. ස්වයංක්‍රීය ගිනිඅවියක් භාවිත කරමින් ඊයේ පෙර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.














