බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අවිස්සාවේල්ල කිරිවන්දල ප්‍රදේශයේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ 18 දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මගීන් නංවා ගැනීම සඳහා නතර කර තිබූ බස් රථයක පිටුපසින් පැමිණි බස් රථයක් ගැටීමෙනුයි අනතුර සිදුවුණේ.
තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බව පොලීසිය පවසනවා.