ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේශව් මහරාජ් එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ අංක 1 ස්ථානයට පත්ව තිබෙනවා
ඒ අනුව මෙතෙක් එම ස්ථානය හිමිකරගෙන සිටි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මේ වනවිට දෙවැනි ස්ථානයේ පසුවනවා
ඕසf්ට්‍රිලියාවට එරෙහිව පැවති එක්දින තරගයකදී කඩුලු 5ක් දවා ගනිමින් විශිෂ්ට දක්ෂතාවක් දැක්වීමෙන් අනතුරුව කේශව් මහරාජ් මෙම ස්ථානයට පැමිණීමට සමත්ව තිබෙනවා
ඒ අනුව ඔහු මහීෂ් තීක්ෂණ සහ ඉන්දීය ක්‍රීඩක කුල්දීප් යාදව් අභිබවා යමින් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටිනවා