වැඩ තහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් සිට යළි සක්‍රීය සේවයට එක්වන පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.
වැඩතහනමට ලක්ව හෝ සේවය අතහැර ගොස් සිට හෝ වෙනත් හේතුවක් මත සක්‍රීය සේවයේ නොසිට නැවත සේවයේ පිහිටුවීමට පෙර මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වනවා.
ඒ බව වැඩබලන පොලිස්පතිවරයා දිවයිනේ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු ස්ථානාධිපතවරුන් වෙත දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ.
අදාළ පරීක්ෂණයට පෙනී සිටිය යුතු වන්නේ පොලිස් රෝහලේදීයි.
කිසියම් නිලධාරියෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට එහිදි හෙළිවුවහොත් ඔහු නැවත සේවයේ පිහිටුවන්නේ නැති බව ද වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කර තිබෙනවා.