දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක් සකස් කර හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
එහි ඇගයීම් ක්‍රියාවලිය සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ.
බෞද්ධ උපදේශක මණ්ඩලය දෙවන වරට රැස්වූ අවස්ථාවේදී අගමැතිවරිය මේ බව සදහන් කළා.
මෙම ක්‍රියාවලිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සහ කලාප කාර්යාල හරහා අධීක්ෂණයට ලක් කිරීමටත් මෙහිදී අවධානය යොමු වුණා.
පාසල් තුළ ආගම විෂය උගන්වන ගුරුභවතුන්හට වෙනත් විෂයන් ඉගැන්වීමට සිදුවන අවස්ථා අවම කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
කාලපරිච්ඡේද 20ක් ආගම ඉගැන්වීම අනිවාර්ය කළ යුතු බවට මෙහිදී යෝජනා වූ අතර, මේ වන විට අක්‍රීය වී ඇති බෞද්ධ ශිෂ්‍ය සංගමය යාවත්කාලීන කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













