පාකිස්ථානනයට දිගින් දිගට ම බලපෑ මෝසම් වැසි හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 657 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, පාකිස්ථානයේ වර්ෂාව ආශ්‍රිත සිදුවීම් හේතුවෙන් ජුනි 26 සිට මේ දක්වා මෙම මරණ වාර්තා වී ඇති අතර මිය ගිය පිරිස අතර සිටින 392 දෙනෙකු ම පිරිමි පුද්ගලයින් බවයි.
ආපදා තත්වය හමුවේ වාර්තා වී ඇති තුවාලකරුවන් සංඛ්‍යාව 929 දෙනෙකු බව ද එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පෙන්වා දෙනවා.
වාර්තා වන මරණවලින් 171ක් ළමුන් වන අතර 94ක් කාන්තාවන්.
තුවාල ලැබූවන් අතර පිරිමින් 437ක්, ළමුන් 256ක් සහ කාන්තාවන් 236ක් වනවා.