පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට අදාළව අයදුම් භාර ගැනීම අද(14) සිට ජුලි මස 28 වැනිදා දක්වා කාලය තුළ සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුලි මස 10 වන දින රාත්‍රී කාලයේදී නිකුත් කළා.
විභාග කොමසාරිස් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය කියා සිටියේ මෙවර ප්‍රතිඵල අනුව සිසුන් දෙලක්ෂ තිස් හත් දහසකට අධික පිරිසක් උස්ස පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි.
එය ප්‍රතිශතයක් ලෙස 73.45%කි.
සිසුන් 13,392ක් සියලුම විෂයයන් සඳහා A සාමාර්ථ ලබාගත් අතර එය සමස්ත සමත් ප්‍රතිශතයෙන් 4.15%ක් බවයි විභාග දෙපාර්තමේන්තුව පතවසන්නේ.
එසේම කිසිදු විෂයක් සමත් නොවූ සිසුන්ගේ සංඛ්‍යාව සමස්ත සිසුන්ගෙන් 2.34%ක් බවද විභාග කොමසාරිස්වරිය ප්‍රකාශ කළා.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වූ මුළු සිසුන් සංඛ්‍යාව 474,147ක් වන අතර ඉන් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 398,182කි.