පළමු වන ශේණියේ සිසුන් සඳහා ජනවාරි 20 වනදා පන්ති ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
පළමු වන ශේණියට තෝරාගත් සිසුන් එදිනට පෙර පාසලට ඇතුලත් කළ යුතු බවයි අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.
ඒ අනුව 2026 වසරේ දී දෙවන ශේණියේ සිසුන් විසින් පළමු ශේණියේ නවක සිසුන් පිළිගැනීම සිදුකළ යුතු වනවා.
දෙමාපියන් හා ආරාධිත අමුත්තන් පිළිගැනීම , ජාතික හා පාසල් ධජ එසවීම , ජාතික ගීය හා පාසල් ගීය ගායනය කිරීම සිදු කළ යුතුයි.
ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා පළමු ශේණියේ නව විෂය මාලාව ක්‍රියාත්මක කිරිමේ අරමුණ පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමද මෙහිදී සිදු කළ යුතු වනවා.
නවක සිසුන් පිළිගැනීම ප්‍රාථමික අංශ සිසුන්ගේ සහභාගීත්වයෙන් ප්‍රාසාංගික ලෙස සිදුකළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
නවක සිසුන්ට ප්‍රමුඛස්ථානයක් ලැබෙන අයුරින් මෙන්ම සිසුන්ටත් දෙමාපියන්ටත් කිසිදු අපහසුතාවක් ඇති නොවන පරිදි වැඩසටහන සංවිධාන කළ යුතු බවද එහි සදහන්.
නවක සිසුන් සදහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කර ඇති දරුවන් හදුනාගැනිමේ වැඩසටහන ජනවාරි දෙවන දා සිට 16 වනදා දක්වා අදාළ මාර්ගෝපදේශවලට අනුකුලව ක්‍රියාත්මක කරනු ඇති.
උණුසුම් පුවත්
- රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට
- ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
- ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි
- කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට
- අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- නීතිඥවරයෙකුගේ රථයකට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට
- ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්











