මගීන්ට බාධාවන පරිදි දුම්රිය තුළ වෙළදාම් කරන්න පුද්ගලයින්ට එරෙහිව පවතින නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට දුම්රිය ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබෙනවා .
අදාළ තීරණය ගෙන ඇත්තේ දුම්රිය මගී ජනතාවගෙන් ලැබෙන පැමිණිලි ඉහළ යාම හේතුවෙන් .
කෙසේ වෙතත් එම තීරණය හේතුවෙන් තම ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල වන බවයි සමස්ත ලංකා ජංගම දුම්රිය වෙළෙඳ සංගමය සදහන් කලේ.