වනාන්තර ගිනි තබන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තීරණය කර ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවේ සභාපති කේ.ජී.එස්. නිශාන්ත මහතා පවසනවා.
විශේෂයෙන් මේ දිනවල රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල පවතින වියළි කාලගුණයත් සමඟ ඇතැම් පුද්ගලයින් විවිධ හේතුමත වනාන්තර ගිනි තැබීමට පෙළඹී ඇති බව නිරීක්ෂණය වන අතර ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික්කයේ අනෙකුත් අදාළ ආයතන එක්ව ක්‍රියාවට නංවා තිබෙනවා.