රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙල කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක “REBUILDING SRI LANKA” ශ්‍රී ලංකා ජාතික වැඩ පිළිවෙලෙහි සමාරම්භක උළෙල හෙට පැවැත්වෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී එය පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ ව්‍යසන තත්ත්වයෙන් මිනිස් ජීවිතවලට මෙන්ම දේපල රැසකට දැඩි හාන සිදු වුණා.
පශ්චාත් ආපදා පුනරුත්තාපනය සහ ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක කඩිනම් සහ හදිසි අවශ්‍යතා අනුවයි “REBUILDING SRI LANKA” ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කෙරන්නේ.
රට නැවත ගොඩනැගීමේ වැඩසටහන ප්‍රවේශ තුනක් යටතේ සිදු කෙරෙමින් පවතිනවා.
එහි ප්‍රමුඛතා මත දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති අතරින් තෝරාගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, නැවත ප්‍රතිපාදන වෙන් කිරීම යටතේ අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදනවලට අමතරව අතිරේක මුදලක් වෙන් කිරීම, ඒ අනුව 2026 වසර සදහා රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවක් සිදු කිරීම සහ රී බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල මගින් දේශීය, විදේශීය සහ රාජ්‍ය පෞද්ගලික පරිත්‍යාගශිලීන්ගේ සහයෝගය ලබාගැනීම මේ තුළින් සිදු වනවා.
මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් “REBUILDING SRI LANKA” ශ්‍රී ලංකා සඳහා නායකත්වය, ප්‍රවේශය සහ අධික්ෂණය සදහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහාපතිත්වයෙන් අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් ද ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරනු ලැබුවා.













