ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපළේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඕස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන් තොටුපළ වන සිඩ්නි ගුවන්තොටුපළේ දී මෙම වෙඩි තැබීම සිදුවුණා.
අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුවුණු බව ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය සඳහන් කරනවා.
ඉන් කිසිවෙකුටත් තුවාල සිදු නොවූ අතර ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු ටූ ජී බී රූපවාහිනියේ දර්ශනවල දැක්වෙන්නේ කෑගසන පුද්ගලයෙකු ආරක්ෂකයන් කිහිප දෙනෙකුගේ ග්‍රහණයට ලක්ව සිටින ආකාරයයි.