වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය තුන්වැනි දිනටත් සිදුකරමින් සිටින වැඩවර්ජනය අද පෙරවරු 8.00ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ වෘත්තිය සංගම් 4ක් ඊයේ පෙරවරුවේ සිය වර්ජනය අතහැර දැමූ අතර වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් පමණක් ඊයේ දිනයේත් වර්ජනයේ නිරත වුනා.
ඒ අනුව අද උදෑසන 8.00ට සිය වැඩ වර්ජනය අවසන් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.