සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන හා අවසන් අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.
සිව්වන දිනය සදහා තරගය නතර කරන විට ලකුණු 384ක ඉලක්කයක් හඹා යමින් සිටි ඕස්ටේරලියාව පන්දුවාර 38ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 135ක් රැස් කරගෙන සිටියා.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 283ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 295ක් රැස් කළා.
අනතුරුව එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට සියල්ලන් දැවී ලකුණු 395ක් රැස් කළ අතර, ඒ අනුවයි ඕස්ට්‍රේලියාවට ලකුණු 384ක ඉලක්කයක් හිමි වූයේ.
උණුසුම් පුවත්
- අණ නොතැකූ රියට පොලිසියෙන් වෙඩි
- සහල් ආනයනය ගැන නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්
- මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කණිස්ඨ සේවකයින් විරෝධතාවක
- විපක්ෂ මන්ත්‍රීවරුන්ට නිසි ආරක්ෂාවක් නෑ
- ලොකු පැටී සහ කපුවා යළි රිමාන්ඩ්
- හිටපු ඇමැති ඉන්දිකගේ කාර්ය මණ්ඩල සේවකයෙක් සහ තවත් අයෙක් අල්ලස් දැලේ
- මහියංගනය රජමහා විහාරයේ ඉපරැණි බුද්ධ ප්‍රතිමාවක් සොරකම් කරලා
- ටී-56 උණ්ඩ සමග සැකකරුවෙක් අත්අඩංගුවට













