දැනට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් දස දහසක් ඉදිරියේදී පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සඳහා යොදාගෙන ඔවුන්ට විශේෂ දීමනාවක් ලබාදී පහසුකම් වැඩි කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, අමාත්‍යවරයාගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
මීට අමතරව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින පන්දහසක් නිලධාරීන් වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට කටයුතු කරන බවත් මේ වන විට නිලධාරීන් 3975 දෙනෙකු අලි -මිනිස් ගැටුම වැළැක්වීමේ වැඩපිළිවෙළ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.













