
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙම තරගාවලිය ලබන වසරේ පෙබරවාරි 14 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලියේ සත්කාරකත්වය මුලින් ශ්‍රී ලංකාවට හිමිව තිබූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ දැනට සිදුවෙමින් පවතින පරිපාලනමය හා ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ හේතුවෙන් තරගාවලිය වෙනත් රටකට ගෙනයාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම කාන්තා ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා නව සත්කාරක ඉන්දියාව සමගින් ඔස්ටේ්‍රලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතයි. තරගාවලිය විස්සයි20 ආකෘතියෙන් පැවැත්වෙන අතර, ලීග ක්‍රමයට පැවැත්වෙන මෙහි ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පෙබරවාරි 28 පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.














