දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 50000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයා දේශීය ආදායම් දොපර්තමේන්තු කාර්යාලයේදී අද(07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පිළිය්නදල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සිදු කරන ලද පැමිණිල්ලක් අනුවයි.
අදාළ නියෝජ්‍ය කොමසාරිස්වරයා විසින් ව්‍යාපාරිකයට අයත් දෙමටගොඩ, කොළොන්නාව මාර්ගයේ පවත්වාගෙන යනු ලබන ආයතනයක 2025 වර්ෂයට අදාළ බදු නිශ්කාශන වාර්තාව නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත් පසුව එම මුදල රුපියල් පනස් දහසක් දක්වා අඩු කරගෙන ඇති අතර ඉන් රුපියල් 42000ක මුදලක් ව්‍යාපාරිකයා විසින් පසුගිය දා අදාළ නියෝජ්‍ය කොමසාරිස්වරයාට ලබාදී තිබෙනවා.
ඉතිරි රුපියල් අට දහසක මුදල ලබාගැනීමට යාමේදී සැකකරු අද දින අත්ඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.