හෙද විදුහල්වල පවතින ගැටළු නිරාකරණය කිරීම සහ හෙද විදුහල්පතිවරුන් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් .
හෙද විදුහල්පතිවරුන්ගේ සංසඳයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පවත්වා තිබුණා.
දිවයින පුරා පිහිටි හෙද විදුහල් 17 නියෝජනය කරමින් හෙද විදුහල්පතිවරුන් මෙම විශේෂ සාකච්ඡාව සඳහා එක්ව සිටියා.
හෙද විදුහල්වල ආචාර්යවරුන්ගේ හිඟය, හෙද විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්යවරුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාගැනීම, විභාග පරීක්ෂණ ගාස්තු සංශෝධනය වැනි ගැටළු රැසක් පිළිබදව මෙහිදී අවධානය යොමුව තිබුණා.
උණුසුම් පුවත්
- ගායන ශිල්පී රාජු බණ්ඩාර ජීවිතක්ෂයට පත්වෙයි
- පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත් නිලධාරියා පොලිසියට භාරවෙයි
- වතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
- PHOTOS: දිට්වා නිසා නැවතුණු කෝච්චියක් මාස දෙකක් තිස්සේ උලපෙන් සහ ගම්පොළ අතර
- කිරි තේ මිල පහළට
- කාලගුණයෙන් නිවේදනයක්
- නාවලපිටියේ පුද්ගල ඝාතනයක්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්













