
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ ප්‍රථම රැලි ද්විත්වය අද බේරුවලදී සහ බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි යන තේමාව මුල් කර ගනිමින්. මෙම රැලි මාලාව දිස්ත්‍රික්කයකට ප්‍රධාන රැලි දෙකක් ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.














