හංවැල්ල රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය තුළදී අත් බෝම්බයක් අතැතිව සිය දරුවන් ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද අලුයම් කාලයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
බිරිඳ සමග ඇතිවූ අරවුලක් මත බිරිඳ ඝාතනය කිරීමේ අරමුණින් සැකකරු මෙලෙස අත් බෝම්බයක්ද රැගෙන නිවසට ඇතුළුවී ඇති අතර බිරිඳ නිවසින් පිටතට පැන දිවි ගලවාගෙන තිබෙනවා.
අනතුරුව ඉන් කෝපයට පත් මෙම පුද්ගලයා සිය දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
මෙහිදී මුදාගත් දරුවන් දෙදෙනා නවගමුව රෝහලට ඇතුලක් කළ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
උණුසුම් පුවත්
- ගායන ශිල්පී රාජු බණ්ඩාර ජීවිතක්ෂයට පත්වෙයි
- පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත් නිලධාරියා පොලිසියට භාරවෙයි
- වතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
- PHOTOS: දිට්වා නිසා නැවතුණු කෝච්චියක් මාස දෙකක් තිස්සේ උලපෙන් සහ ගම්පොළ අතර
- කිරි තේ මිල පහළට
- කාලගුණයෙන් නිවේදනයක්
- නාවලපිටියේ පුද්ගල ඝාතනයක්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්












