විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා සිය කොමිසම වෙත ඉදිරිපත් කිරීමට හෙට දිනය දක්වා කාලය ලබාදෙන ලෙස දන්වමින් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එම යෝජනා මැයි පළමු වැනිදා කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබුණ ද විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් මත එම කාලය පසුගිය 10 වන දින දක්වා දීර්ඝ කිරීමටයි එම කොමිසම පියවර ගනු ලැබුවේ.
එහෙත් පසුගිය 10 වන දිනයේ ද ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනා කොමිසම වෙත ඉදිරිපත් නොකළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
ඒ අනුව මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට යළි සිහිකැඳවීමක් සිදුකිරීමටයි කටයුතු කර ඇත්තේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













