දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බව අක්මීමණ පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(24) සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 86.6 කණුව ආසන්නයේදී මත්තල දෙසට ධාවනය වූ කාර් රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටෙහි ගැටීමෙන් පසු මාර්ගයේ පෙරලීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ කාර් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටයිදී එක් කාන්තාවක් මියගොස් ඇති බවද පොලිසිය කියා සිටියා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක් පමණ වූ වත්තල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
අක්මීමණ පොලිසිය සහ පින්නදුව අනුපාලක ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
මේ අතර සේරුනුවර ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ කැබ් රථයක් ගැටී යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.
සේරුනුවර නිලපොල අතුරු මාර්ගයේ රණතුංග හන්දිය දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයේ දකුණට හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී ඊයේ(24) සවස මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු, කැබ් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් කාන්තාවක් කිලිවෙල්ඩි රෝහලට ඇතුළත් කර ඇති අතර යතුරු පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මූතූර් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක් පමණ වූ කිලිවෙල්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













