මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විදයා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිට වූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විභාග දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පසුගිය සතියේ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා විසින් ඊට අදාළ පැමිණිල්ල සිදු කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළ වූවා.
අදාළ වාර්තා සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කර ඇති අතර එහිදී එවන් සිදුවීමක් පිළිබඳව කිසිදු නිශ්චිත තොරතුරක් අනාවරණ වී නොමැති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ග්නනා ලෙස අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.











