බගවන්තලාව ප්‍රදේශයට අද(17) පස්වරුවේ ඇද හැලුණු අධික වැසිත් සමග බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
බගවන්තලාව කොටියාගල වතු යායේ කොටසේ මාර්ග රැසක් මෙලෙස ජලයෙන් යටවීම නිසා වතු කම්කරුවන්ට ඔවුන් පදිංචි නිවාවලට යාමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.














