හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියා වු නෙවිල් වන්නිආරච්චි යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට පසුගියදා ඔහුව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
ඒ අනුව එළඹෙන 31 වනදා දක්වා ඔහුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වා ඉදිරියේදී වාර්තාවක් ඉ