බංග්ලාදේශයේ ඩකා අගනුවරට ආසන්නව අද සිදුවූ රික්ටර් මාපක 5.5 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වනවා .
විදෙස් මාධ්‍ය වාර්තා කලේ අයර්ලන්ත බංගලාදේශ් ටෙස්ට් ක්‍රිකට් තරගය ද මේ හේතුවෙන් මද වේලාවකට නතර කිරීමටයි කටයුතු කරනු ලැබුවේ .
අදාළ භූ කම්පනය හේතුවෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඩකා නුවර බංග්ෂාල් ප්‍රදේශයේ දී පස්මහල් ගොඩනැගිල්ලක අත්වැටක් කඩා වැටීමෙන් එම පුද්ගලයන් තිදෙනා මියගොස් තිබෙනවා.
භූ කම්පනය තත්පර 26ක් පමණ පැවතුණ බව ද සඳහන්.
කම්පන කේන්ද්‍රය ඩකා නුවරට කිලෝමීටර් 40 ත් 50 ත් අතර දුරින් පිහිටි නර්සින්ග්ඩි දිස්ත්‍රික්කයේ මධාබ්දි ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා.
කම්පනය හේතුවෙන් ඩකා නගරයේ ගොඩනැගිලි සෙලවී ගිය අතර, පදිංචිකරුවන් පූර්වාරක්ෂාවක් ලෙස පිටතට දිව ගියා.
මෙම කම්පනය ඉන්දියාවේ කොල්කටා දක්වා ජනතාවට දැනී තිබෙන බවයි විදෙස් වාර්තා පැවසුවේ.
ඩකා නගරය තුළ සහ ඉන් පිටත ගොඩනැගිලි 7කට හානි සිදුවූ අතර අවම වශයෙන් තුවාලකරුවන් කිහිපදෙනකු රෝහල්ගත කළ බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසා තිබුණා.
මිලියන 170 ක ජනතාවක් වෙසෙන මුස්ලිම් බහුතරයක් සිටින බංග්ලාදේශයේ බොහෝ දෙනෙකුට අද දින නිවාඩු දිනයක් බැවින් ඔවුන්ගේ නිවසේ ගතකරන බව ද සඳහන්.
මෙම කම්පාව හේතුවෙන් ෂර් ඊ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ පැවති බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර පැවති ක්‍රිකට් තරඟය කෙටි වේලාවකට නතර කරන ලද අතර තත්ත්වය ආරක්ෂිත බව තහවුරු කිරීමෙන් පසු තරඟය නැවත ආරම්භ කළා.












